කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පුද්ගලයන් 46 දෙනෙකු වෙත “හිමිකම” ඉඩම් ඔප්පු ප්රදානය කිරීම පසුගියදා කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය එල්.එම්. අබේවික්රම මහතාගේ ප්රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙතෙක් කලක් නිත්ය ඔප්පුවක් නොමැතිව කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි රජයේ ඉඩම්වල පදිංචිව සිටි බලපත්රලාභීන් 35 දෙනෙකු සහ දීමනා පත්රලාභීන් 11 දෙනෙකු මෙලෙස පූර්ණ අයිතිය සහිත “හිමිකම” ඔප්පු හිමිකර ගැනීමට සමත් වූහ. දිගුකාලීනව ඉඩම් අයිතියක් නොමැතිව පැවති ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දෙමින් මෙම ඔප්පු ප්රදානය සිදුකෙරුණි.
මෙම අවස්ථාවට කඹුරුපිටිය ප්රාදේශීය සභාවේ සභාපති මොරිස් වසන්ත මහතා ඇතුළු ප්රදේශයේ මහජන නියෝජිතයින්, කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් එන්.ඩී.පී. රණසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය එල්.එම්. අබේවික්රම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ප්රියන්ත විජේගුණසේකර මහතා මෙන්ම මාතර දිස්ත්රික් සහකාර ඉඩම් කොමසාරිස් සහ මූලස්ථාන ඉඩම් නිලධාරී ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














