රටේ නිෂ්පාදන ආර්ථිකය තුළින් ලබන ප්රතිලාභ සාධාරණ ලෙස ජනතාව අතරේ බෙදී යන ආර්ථික ක්රමයක් ස්ථාපිත කිරීම වත්මන් රජයේ මූලික අරමුණ බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රකාශ කළේය. දිවයිනේ දිස්ත්රික්ක 25ම ආවරණය වන පරිදි ප්රාදේශීය කර්මාන්ත කමිටු මේ වන විටත් ස්ථාපිත කර අවසන් කර ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා, විදාතා නිලධාරීන්, මහජන නිලධාරීන්, බැංකු මෙන්ම වාණිජ සහ විදුලිබල මණ්ඩල නියෝජිතයන්ද සම්බන්ධ කරගනිමින් එමඟින් ප්රදේශවල පවතින කාර්මික ගැටලු කඩිනමින් විසඳා ගැනීමට පුළුල් අවස්ථාවක් සලසා දී ඇති බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, කර්මාන්ත අමාත්යාංශය මඟින් ලබාදෙන විශේෂ ණය යෝජනා ක්රම පිළිබඳව ජනතාව තුළ පවතින නොදැනුවත්කම නිසා ඇතැම් අවස්ථාවලදී බැංකු වෙත ගොස් එම ණය ඉල්ලීමේදී අනවශ්ය ගැටලු මතුවන බව පෙන්වා දුන්නේය. එම නිසා, අමාත්යාංශය හරහා ලබාදෙන කර්මාන්ත ණය සහ බැංකු සතු සාමාන්ය ණය ක්රම පටලවා නොගෙන, නිසි ක්රමවේදය යටතේ කර්මාන්ත අමාත්යාංශය හරහාම එම ණය පහසුකම් ලබා ගැනීමට කටයුතු කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
















