රුසියාව සමඟ පවතින යුද්ධය යුක්රේනයට අවාසිදායක වන අයුරින් නිමා කරමින්, රුසියානු කොන්දේසි හමුවේ යුක්රේනය කොන්දේසි විරහිතව යටත් කරවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සැලසුම්සහගතව පියවර ගනිමින් සිටින බවට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ සහ ‘බ්ලුම්බර්ග්’ පුවත් සේවය උපුටා දක්වමින් මේ බව සඳහන් වන අතර, යුක්රේනය බිලිදී යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට වොෂින්ටනයට අවශ්ය වී ඇති බව සෙලෙන්ස්කි එහිදී අවධාරණය කර ඇත.
මෙම තත්ත්වයත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි අතර සබඳතා පෙර නොවූ විරූ ලෙස පිරිහී ගොස් ඇති අතර, යුක්රේන ජනතාව සෙලෙන්ස්කිව ධුරයෙන් පහ කළ යුතු බවට ට්රම්ප් සමාජ මාධ්ය හරහා ප්රකාශ කර තිබේ. ඉදිරි ඇමරිකානු මැතිවරණය ඉලක්ක කරගනිමින් රුසියාවෙන් ඩීසල් මිලදී ගැනීමට ට්රම්ප් පරිපාලනය ගත් තීරණය, රුසියානු තෙල් පිරිපහදු ඉලක්ක කර යුක්රේනය එල්ල කරන ඩ්රෝන ප්රහාර වහාම නතර කරන ලෙස කළ ඉල්ලීම්, යුක්රේන හමුදාවට ලබා දී තිබූ ඇමරිකානු චන්ද්රිකා අන්තර්ජාල ප්රවේශය සහ බුද්ධි තොරතුරු අනතුරු ඇඟවීම් සීමා කිරීම මෙන්ම ‘පේට්රියට්’ මිසයිල පද්ධති තොග ලබා දීම හිතාමතා ප්රමාද කිරීම මෙම දේශපාලන හා යුදමය අර්බුදය තවදුරටත් උග්ර වීමට හේතු වී ඇති බව වාර්තා වේ.














