හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 ඔක්තෝබර් 21 වැනිදා දහවල් එරමුදුගහ හන්දිය ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 12යි මිලිග්රෑම් 620ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන වංචාවල ප්රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, ඔහුට එරෙහිව ගාල්ල මහාධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.
එමෙන්ම, 2026 ඔක්තෝබර් 8 වැනිදා කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට ද සැකකරු සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරයි.
මීට අමතරව, හබරාදූව පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ වෙළඳසැල් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් දෙකකට සහ පාපැදියක් සොරකම් කිරීමේ සිද්ධියකට ද ඔහු අවශ්යව සිටි සැකකරුවෙකු බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















