ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 ඔක්තෝබර් 21 වැනිදා දහවල් ලුණුවිලවත්ත ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 240යි මිලිග්රෑම් 430ක් සහ හෙරොයින් ග්රෑම් 130යි මිලිග්රෑම් 640ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන බටදූව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















