වතුකරයේ සියවසක ජීවිත අත්දැකීම් සපිරූ පෙරියන්නන් කාමාච්චි මිත්තණියගේ 100 වැනි උපන්දිනය පසුගිය 21 වැනිදාට යෙදී තිබේ.
ඇය බගවන්තලාව පොලිස් වසමට අයත් මැද කොටසේ පදිංචිකාරියක වන අතර, ඇයගේ සියවැනි උපන්දිනය සැමරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද තොරතුරු හුවමාරු වෙමින් පවතී.
පෙරියන්නන් කාමාච්චි මිත්තණියට දරුවන් පස්දෙනෙකු සහ මුණුබුරු මිනිබිරියන් 20 දෙනෙකු සිටින බව ද සඳහන් වේ.














