පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්රියාත්මක කරන අපරාධ හා මත්ද්රව්ය නිවාරණ මෙහෙයුම් යටතේ 2026 ඔක්තෝබර් 21 වැනිදා පුද්ගලයන් 458 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් කොට්ඨාස මට්ටමින් සියලුම ප්රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.
එදින සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 26,621 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබේ. අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 17 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, දින වරෙන්තුකරුවන් 292 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 204 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද පුළුල් ක්රියාමාර්ග ගෙන ඇති අතර, බීමත් රියදුරන් 224 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 4,361ක් ද වාර්තා වී තිබේ.














