ස්පාඤ්ඤයේ ලා ලිගා පාපන්දු ලීගයේ සභාපති ජේවියර් ටෙබාස් කළ ප්රකාශයක් සම්බන්ධයෙන් විනයමය වරදක් සිදුවී ඇත්දැයි සොයා බලන ලෙස ස්පාඤ්ඤ ජාතික ක්රීඩා කවුන්සිලය (CSD) එරට ක්රීඩා විනිශ්චය සභාවට (TAD) යොමු කර තිබේ.
ඔක්තෝබර් 16 වැනිදා සමාජ මාධ්ය වේදිකාවක් වන X හි සටහනක් තබමින් ටෙබාස්, රියල් මැඩ්රිඩ් සමාජයේ සන්නිවේදන ක්රම නාසි ප්රචාරක අමාත්ය ජෝසෆ් ගොබෙල්ස් භාවිත කළ ප්රචාරක ක්රමවේදවලට සමාන බව ප්රකාශ කර තිබුණි.
ස්පාඤ්ඤයේ 1990 ක්රීඩා නීතිය යටතේ ක්රීඩාවේ ගෞරවයට හානි කරන ප්රසිද්ධ ක්රියා බරපතළ වරදක් විය හැකිද යන්න විනිශ්චය සභාව විසින් සලකා බැලීමට නියමිතය. ඒ අනුව ටෙබාස්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගත යුතුද යන්න තීරණය වනු ඇත.
රියල් මැඩ්රිඩ් සමාජය විනිසුරුවන් සම්බන්ධයෙන් විශ්වාසය බිඳ දැමීමට උත්සාහ කරන බවට ටෙබාස් මීට පෙර විවේචන එල්ල කර තිබුණි. රියල් මැඩ්රිඩ් සිය රූපවාහිනී නාලිකාව හරහා විනිසුරුවන් සමාජයට එරෙහිව කටයුතු කරන බවට අදහස් පළ කරන බව ඔහු කියා සිටියේය.
පසුව ටෙබාස් පැහැදිලි කළේ තමන් සසඳා බැලුවේ නාසිවාදී දෘෂ්ටිවාදය නොව, ප්රචාරක ක්රමවේද බවයි. මේ අතර, රියල් මැඩ්රිඩ් ඔහුට ඉල්ලා අස්වන ලෙස ද ඉල්ලා තිබුණි.
















