FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝගේ නැවත පත්වීම සම්බන්ධයෙන් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) තවමත් නිල ස්ථාවරයක් ප්රකාශ කර නොමැති බව එහි සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්රාහිම් අල් කලීෆා පවසයි.
ඉන්ෆැන්ටිනෝ 2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත FIFA සභාපතිවරණයෙන් සිව්වැනි ධුර කාලයක් ලබාගැනීමට අපේක්ෂා කරයි. AFC සාමාජික සම්මේලන 47ට හිමි ඡන්ද එම මැතිවරණයේදී තීරණාත්මක විය හැකි බව වාර්තා වේ.
ටෝකියෝ නුවර පැවති දෙදින රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ෂෙයික් සල්මාන් කියා සිටියේ, “අපි කිසිවෙකුට විරුද්ධත් නැහැ, කිසිවෙකුට පක්ෂත් නැහැ” යනුවෙනි. පාපන්දු ක්රීඩාවට යහපත් සහ නිවැරදි දේ වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මීට පෙර FIFA හි වාණිජ සැලසුමක් සම්බන්ධයෙන් ඉන්ෆැන්ටිනෝට විවේචන එල්ල වූ අවස්ථාවේදී AFC ඇතුළු කලාපීය පාපන්දු සංවිධාන කිහිපයක් ඔහුගේ ක්රියාකලාපය ප්රශ්න කර තිබුණි. එහෙත් ආසියානු රටවල් අතර මේ සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බව පෙනී යයි.
2022 ලෝක කුසලානයේ සත්කාරක රට වූ කටාර් ඉන්ෆැන්ටිනෝට සහාය පළ කර ඇති අතර, ජෝර්දානය ඔහුට විරෝධය පළ කර තිබේ. විරුද්ධ අපේක්ෂකයන්ට නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 18 දක්වා කාලය ලබාදී ඇත.
















