පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පවත්වන සත්‍යග්‍රහය අද (23) අටවැනි දිනටත් ක්‍රියාත්මක වේ.
මේ අතර, සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස පොලිසිය ඊයේ (22) රාත්‍රියේ දැනුම් දී තිබේ. කුරුඳුවත්ත පොලිසිය ලබාගත් අධිකරණ නියෝගයක් අනුව මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේදී සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.
සත්‍යග්‍රහයේ නිරත පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා ද කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.














