2026 ඔක්තෝබර් 22 වැනිදා සවස කැප්පෙටිපොළ පොලිස් වසමේ බෝඹුරුඇල්ල ප්රදේශයේදී අයිස් මත්ද්රව්ය යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත කැප්පෙටිපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 124යි මිලිග්රෑම් 500ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අඹගස්දෝව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













