2026 ඔක්තෝබර් 22 වැනිදා සවස කැප්පෙටිපොළ පොලිස් වසමේ වැලිමඩ නගරයේදී හෙරොයින් මත්ද්රව්ය ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු යතුරුපැදියක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත කැප්පෙටිපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 106යි මිලිග්රෑම් 400ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි තෙලවෙල, ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













