රටේ ආර්ථික සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකි වන සේ වෘත්තීය අධ්යාපන ක්ෂේත්රය පුළුල් කිරීම රජයේ ප්රධාන අරමුණ බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කොළඹ විහාරමහාදේවි උද්යානයේදී පැවැති “Sri Lanka Skills Expo 2026” ජාතික ප්රදර්ශනයේ සමාරම්භක උත්සවයට අද (23) එක්වෙමින් අග්රාමාත්යවරිය සඳහන් කළේ 2026 අයවැය මගින් වෘත්තීය අධ්යාපන ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් රුපියල් මිලියන 8,000ක ප්රතිපාදන වෙන් කර ඇති බවයි. ඒ යටතේ වෘත්තීය පුහුණු මධ්යස්ථාන විශිෂ්ටතා මධ්යස්ථාන බවට පත්කිරීමටත්, තවත් මධ්යස්ථාන 50ක් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති අතර, 2027 වසරේ සිට 6 වන ශ්රේණියේ සිටම වෘත්තීය අධ්යාපන ප්රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.













