පුද්ගලයාගේ පිළිකා තත්ත්වයට ගැළපෙන ලෙස සකස් කළ නව එන්නතක් ප්රතිශක්තිකරණ ඖෂධයක් සමඟ ලබාදීමෙන් සමේ පිළිකා යළි ඇතිවීමේ හෝ රෝගීන් මියයාමේ අවදානම 42%කින් අඩු වී ඇති බව ප්රධාන සායනික පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
මෙලනෝමා (Melanoma) ලෙස හැඳින්වෙන සමේ පිළිකා වර්ගය සම්බන්ධයෙන් සිදුකළ මෙම පරීක්ෂණයට රෝගීන් 1,100ක් පමණ සහභාගී වී ඇති බව වාර්තා වේ.
ප්රතිශක්තිකරණ ඖෂධය පමණක් ලබාගත් රෝගීන් සමඟ සැසඳීමේදී, නව එන්නත සහ ඖෂධය ඒකාබද්ධව ලබාගත් රෝගීන්ගේ පිළිකාව වෙනත් ප්රදේශවලට පැතිරීමේ අවදානම වසර දෙකක කාලයක් තුළ 38%කින් අඩු වී ඇති බවද පරීක්ෂණයෙන් හෙළි වී ඇත.
MSD සහ Moderna යන ඖෂධ නිෂ්පාදන සමාගම් මෙම ප්රතිකාර ක්රමය වකුගඩු, මුත්රාශය සහ පෙනහළු පිළිකා ඇතුළු වෙනත් පිළිකා වර්ග සම්බන්ධයෙන්ද පරීක්ෂා කරමින් සිටින බව සඳහන් වේ.
මෙම ප්රතිඵල පිළිකා ප්රතිකාර ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, මෙම ප්රතිකාරය මඟින් රෝගීන්ගේ සමස්ත ආයු කාලය සැබෑ ලෙසම ඉහළ යන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් දිගුකාලීන අධ්යයන අවශ්ය බව ස්වාධීන පිළිකා විශේෂඥයෝ පවසති.













