අරලගන්විල, ඇල්ලේවැව, දයාසිරිගම ප්රදේශයේ නිවසක් වටා වන අලි තර්ජනයෙන් ආරක්ෂා වීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පස් හැවිරිදි දරුවෙකු සහ 41 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අරලගන්විල පොලිසිය සඳහන් කළ පරිදි, අද (23) පෙරවරු 9.30ට පමණ මෙම ඛේදනීය අනතුර සිදුව ඇත.
මියගිය දරුවා ජාඇල, දළුගම ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ දයාසිරිගම ප්රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටියදී නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී මෙම විදුලි රැහැනේ ගැටී ඇත. එම අවස්ථාවේදී දරුවාගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූ නිවසේ හිමිකරු වන 41 හැවිරිදි දෙදරු පියාටද බරපතළ ලෙස විදුලි සැර වැදී ඇති අතර, පසුව දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුද මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගන්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.
















