ඉරානයට එරෙහිව අමෙරිකානු-ඊශ්රායල යුද්ධයක් යළි ආරම්භ විය හැකි බවට පවතින බිය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 117.37ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය අප්රේල් 30 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.
එමෙන්ම, අමෙරිකානු වෙළෙඳපොළේ ප්රධාන බොරතෙල් මිල දර්ශකයක් වන වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 103ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සති පහක කාලයක් තුළ වාර්තා වූ ඉහළම මිල ලෙස දැක්වේ.














