කොළඹ ගංගාරාම විහාරස්ථානය සහ නවදිල්ලියේ ඉන්දීය ජාත්යන්තර මධ්යස්ථානය (IIC) එකතුවී, ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව ‘සංහිතා’ (SAMHITA) ආරම්භය යටතේ ඓතිහාසික බෞද්ධ තල්පොත් අත්පිටපත් ආරක්ෂා කර ඩිජිටල්කරණය කිරීමේ ව්යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම ව්යාපෘතියේ ප්රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ වැඩසටහනක්, මාධ්ය දැනුවත් කිරීමක් සහ ක්ෂේත්ර නිරීක්ෂණයක් ඊයේ (23) ගංගාරාම විහාරස්ථාන පරිශ්රයේදී පවත්වන ලදී.
මෙරට බෞද්ධ, අධ්යාපනික හා සංස්කෘතික ඉතිහාසයේ ප්රධාන ස්ථානයක් ගන්නා ගංගාරාම විහාරස්ථානය සතු වටිනා බෞද්ධ ඉගැන්වීම්, ආගමික ලිපි ලේඛන, ඓතිහාසික වාර්තා සහ සාම්ප්රදායික දැනුම රැගත් තල්පොත් අත්පිටපත් එකතුව අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණයි. හුදකලා ආගමික සේවාවන්ගෙන් ඔබ්බට ගොස් විහාරස්ථානයේ ඓතිහාසික එකතු ආරක්ෂා කරමින් එම දැනුම ඉදිරියට ගෙන යාම සඳහා විහාරාධිකාරී පූජ්ය ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ මඟප්රදර්ශනය යටතේ මෙම කටයුතු අඛණ්ඩව සිදුකෙරේ.
‘සංහිතා’ ව්යාපෘතියේ පළමු අදියර යටතේ ඓතිහාසික තල්පොත් අත්පිටපත් 100ක් ඩිජිටල්කරණය කර නාමාවලිගත කිරීමට නියමිතය. මෙහිදී අත්පිටපත් සුරක්ෂිතව හැසිරවීම, උසස් තත්ත්වයේ ඩිජිටල් ඡායාරූප ලබාගැනීම, විස්තර වාර්තා කර තොරතුරු සංවිධානය කිරීම සිදුකෙරෙන අතර, එමඟින් අස්ථාවර මුල් ලේඛනවල අන්තර්ගතය ආරක්ෂා කරගනිමින් අනාගත පර්යේෂණ සහ බෞද්ධ අධ්යයන කටයුතු සඳහා පුළුල් පහසුකම් සැලසෙනු ඇත.














