කැප්පෙටිපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලිමඩ නගරයේදී සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්රව්ය ග්රෑම් 106යි මිලිග්රෑම් 400ක් යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, මත්ද්රව්ය ප්රවාහනය කිරීමට යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි තෙලවෙල, ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.














