අනුරාධපුර දිස්ත්රික්කයේ ක්රියාත්මක නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ක්රියාත්මක නිවාස ඉදිකිරීම් ව්යාපෘතිවල ප්රගතිය සොයා බැලීම සඳහා විශේෂ ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සිදු කර තිබේ.
ක්රමසම්පාදන අධ්යක්ෂ ජනරාල් මහින්ද ගුණරත්න සහ සහකාර අධ්යක්ෂ දිල්රුක්ෂි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසකගේ ප්රධානත්වයෙන් මෙම නිරීක්ෂණ කටයුතු සිදු වූ අතර, අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය සහ අතිරේක දිස්ත්රික් ලේකම් සන්ධ්යා අබේසේකර යන මහත්ම මහත්මීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව නිවාස ඉදිකිරීම් ව්යාපෘති නිරීක්ෂණය ආරම්භ විය.
මෙම ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවේදී මධ්යම නුවරගම් පළාත, මැදවච්චිය, තලාව සහ තඹුත්තේගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිවෙමින් පවතින නිවාස ව්යාපෘති පරීක්ෂාවට ලක් කර ඇති අතර, ලෝලුගස්වැව, ගල්කඩවල සහ සාලියපුර ප්රදේශවල රජයේ ඉඩම්වල ක්රියාත්මක නිවාස ව්යාපෘති මෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හා අර්ධ හානි සිදු වූ නිවාසවල තත්ත්වය පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත. අනුමත ඉලක්ක හා නියමිත කාලරාමු අනුව ව්යාපෘති ක්රියාත්මක වන ආකාරය සමාලෝචනය කිරීම, මතුව ඇති ගැටලු සහ බාධා හඳුනා ගැනීම සහ අවශ්ය ඉදිරි මැදිහත්වීම් තීරණය කිරීම මෙම ක්ෂේත්ර පරීක්ෂාවේ ප්රධාන අරමුණ වී තිබේ.













