කෙන්යාවේ නයිරෝබි අගනුවර ඊස්ට්ලී ප්රදේශයේ ඉදිකරමින් තිබූ මහල් ගොඩනැගිල්ලක් ඔක්තෝබර් 23 වැනිදා කඩා වැටී තිබේ. අනතුර සිදුව ඇත්තේ 9 වැනි වීදිය ආශ්රිතව වන අතර, සිද්ධියෙන් පසු සහන හා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පුද්ගලයන් සිරවී සිටිය හැකි බවට බලධාරීන් සැක පළ කර තිබේ. මුදාගැනීමේ කටයුතු සඳහා හදිසි ප්රතිචාර කණ්ඩායම් සහ යන්ත්රෝපකරණ යොදවා ඇති අතර, අනතුරට හේතුව සම්බන්ධයෙන් එම අවස්ථාවේදී නිශ්චිත තොරතුරු අනාවරණය වී නොතිබුණි.
සිද්ධියෙන් පසු එම ස්ථානයට රැස්වූ ජනතාව විසුරුවා හැරීමටත්, සහන කණ්ඩායම්වලට ප්රවේශ මාර්ග විවෘත කිරීමටත් පොලිසිය කඳුළු ගෑස් භාවිත කළ බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අනතුරින් සිදුවූ සමස්ත හානිය සහ අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්යාව පිළිබඳ තොරතුරු එම වාර්තා පළ වූ අවස්ථාවේදී තවදුරටත් තහවුරු වෙමින් පැවතුණි.
















