බලපිටිය, මාදූව දූපතට රුපියල් බිලියන 2ක වියදමින් පාලමක් ඉදිකිරීම සඳහා 2027 වසරේ අයවැයෙන් මුදල් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතා පවසයි.
ඔක්තෝබර් 22 වැනිදා මාදූව කණිෂ්ඨ විද්යාලයේ පැවති “දැනුමයි – පොතයි” වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇතැයි වාර්තා කරයි.
මාදු ගඟෙන් වටවී ඇති මාදූව දූපතේ ජනතාවට ප්රවාහන පහසුකම් සැලසීම සඳහා මෙම පාලම වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම වැඩසටහනේදී පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ ද පිරිනමා තිබේ.
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ දැනුමට අමතරව ප්රායෝගික හැකියාවන් සහ මානව ගුණාංගවලින් පිරිපුන් පුරවැසියන් බිහිකිරීම රජයේ අරමුණක් බව ද නියෝජ්ය අමාත්යවරයා එහිදී සඳහන් කර ඇත.
















