මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 25ක් පමණ වටිනා දේපළ දින 14ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
, මෙම විමර්ශනයට අදාළව පානදුර, එළුවිල ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු ඔක්තෝබර් 23 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
අත්හිටුවීමට ලක් කළ දේපළ අතර පානදුර, මාලමුල්ල ප්රදේශයේ පිහිටි පර්චස් 13ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවසක් ද වේ. එහි වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ බව සඳහන් වේ. ඊට අමතරව, පර්චස් 13.1 බැගින් වූ ඉඩම් කොටස් දෙකක් ද අත්හිටුවා ඇති අතර, ඒවායේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 5ක් පමණ වේ.
සැකකරු ඔක්තෝබර් 24 වැනිදා පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තාවේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.















