වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා වනසත්ත්ව නියාමක III වන ශ්‍රේණියේ නිලධාරීන් 229 දෙනෙකු බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය අද (23) බත්තරමුල්ලේ පිහිටි පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකර තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
වනසත්ත්ව නියාමක නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ විවෘත තරග විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව සුදුසුකම් ලැබූ නිලධාරීන් 229 දෙනෙකුට මෙලෙස පත්වීම් ලිපි ප්රදානය කර ඇත.
මෙම නිලධාරීන් ඉදිරියේදී දිවයින පුරා පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කාර්යාල වෙත අනුයුක්ත කිරීමට නියමිතය.
පත්වීම් ලැබූ නිලධාරීන් සඳහා මාස හයක නේවාසික පුහුණුවක් ලබාදීමට ද සැලසුම් කර තිබේ. පන්තිකාමර ඉගෙනුම් සහ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් ඇතුළත් එම පුහුණුව මඟින් වනජීවී සංරක්ෂණයට අවශ්‍ය දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.














