පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීමෙන් ඇති වූ අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වරාය, නාවික, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි.
විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අභ්යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය.
අමාත්යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරේ.
කෙසේ වෙතත්, විදුලි බිඳවැටීමෙන් සිදුවූ පාඩුව ජනතාවගෙන් අයකර ගැනීමට උත්සාහ කරන බවට විපක්ෂය චෝදනා කර තිබේ.














