ජාත්‍යන්තර සහයෝගීතාව සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කටාර් රාජ්‍ය අමාත්‍ය අහමඩ් බින් මොහොමඩ් අල් සයීඩ් අවධාරණය කර තිබේ.
දෝහා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) සංවිධානය කරන ලෝක ආයෝජන සංසදයේදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සාමය සහ ආරක්ෂාව නොමැතිව ජාත්‍යන්තර වෙළෙඳාම හා දිගුකාලීන ආයෝජන සාර්ථකව වර්ධනය කළ නොහැකි බවයි.
භූ-දේශපාලනික අර්බුද සහ ගෝලීය ආර්ථිකය කොටස්වලට බෙදී යාමේ ප්රවණතා ජාත්‍යන්තර ආයෝජන අවස්ථාවලට බලපෑම් එල්ල කරන බව ද ඔහු පෙන්වා දී තිබේ.
අනාගත ආර්ථික වර්ධනය සඳහා සාමය, ආරක්ෂාව සහ ස්ථාවර පරිසරයක් අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.













