චීනයේ Long March-6A රොකට්ටුවක් ගුවන්ගත කිරීමත් සමඟ අහසේ ජෙලිෆිෂ් මත්ස්යයෙකුගේ හැඩයට සමාන දීප්තිමත් දුම් වළාවක් නිර්මාණය වී තිබේ.
‘Space Jellyfish’ ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය ඇතිවන්නේ රොකට්ටුවෙන් පිටවන වායු හා දුම් වළාව ඉහළ වායුගෝලයට පැතිර යන විට, පොළොව අඳුරේ තිබියදීත් එම වළාවට සූර්යාලෝකය පතිත වීමෙනි. එම ආලෝකය නිසා දුම් වළාව ජෙලිෆිෂ් සතෙකුගේ හැඩයට සමානව දීප්තිමත්ව දිස්විය හැකිය.
2026 ඔක්තෝබර් 23 වැනිදා චීනයේ ෂැන්සි පළාතේ තායියුවාන් චන්ද්රිකා දියත් කිරීමේ මධ්යස්ථානයෙන් ගුවන්ගත කළ Long March-6A රොකට්ටුව මඟින් Yaogan-50 03 චන්ද්රිකාව අභ්යවකාශයට යොමු කර තිබේ.
චීන වාර්තාවලට අනුව, එම චන්ද්රිකාව භූමි සමීක්ෂණ, වගා අස්වැන්න ඇස්තමේන්තු කිරීම සහ ආපදා වැළැක්වීම හා සහන කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය.














