අඩු ප්රයෝජනයට ගෙන ඇති රාජ්ය වැවිලි දේපළ 15ක් දිගුකාලීන බදු පදනම මත පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම දේපළ අතර කෘෂිකාර්මික ඉඩම්, සංචාරක බංගලා සහ දර්ශනීය ස්ථාන මෙන්ම දැනට ක්රියාත්මක නොවන කර්මාන්තශාලා ද ඇතුළත් වේ.
ශ්රී ලංකා රාජ්ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ පාලනය වන මෙම දේපළ වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම සහ පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව වාර්තා වේ.
පළමු අදියර යටතේ ආයෝජන සඳහා ඉඩම් හෙක්ටයාර 1,514ක්, සංචාරක බංගලා 10ක් සහ දර්ශනීය ස්ථාන මෙන්ම අක්රිය කර්මාන්තශාලා 15ක් ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා මූලික කැමැත්ත පළකිරීම් 470ක් ලැබී ඇති අතර, පසුව දේපළ ඒකක 30ක් ආවරණය වන පරිදි විධිමත් යෝජනා 44ක් ඉදිරිපත් වී ඇත.
ඉහළ මට්ටමේ ප්රසම්පාදන කමිටුවේ නිර්දේශ මත තෝරාගත් දේපළ 15ක් සඳහා බදු ගිවිසුම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව Newswire වාර්තා කරයි.
















