කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්රියාත්මක ව්යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ කටයුතු පිළිබඳව ඔක්තෝබර් 27 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.
කටුනායක ගුවන්තොටුපළේ දැනට ක්රියාත්මක සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය මෙහිදී සමාලෝචනය කර ඇති අතර, ගුවන්තොටුපළට සම්බන්ධ මාර්ග ජාලය ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්යතාවද අවධාරණය කර තිබේ.
එමෙන්ම අනාගත ගුවන් සේවා අවශ්යතා සපුරාලීම සඳහා දිවයින පුරා පිහිටි දේශීය ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සහ කටුනායක හා ප්රාදේශීය ගුවන්තොටුපළ භාවිත කරන මගීන්ට වඩාත් පහසු සේවා සැලසීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
අදාළ සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්යාංශ සහ රාජ්ය ආයතනවල නිලධාරීහු සහභාගී වූහ.














