පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකර නොමැති බව එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ප්රකාශ කර තිබේ.
අද (28) ජාතික පුවත්පතක පළ වූ වාර්තාවකට අනුව, පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවෙන් කිසිදු උපදෙසක් ලබාගෙන නොමැති අතර, ඒ පිළිබඳ සාකච්ඡාවක්ද පවත්වා නොමැති බව ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව, දිවයිනේ සියලු පාසල් ඊයේ දිනයේ නොපැවැත්වීම කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ තීරණයක් නොවන බව අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබේ.
මේ අතර, ‘ඔර්නබ්’ සුළි කුණාටුව ක්රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම හේතුවෙන් ශ්රී ලංකාවට එමඟින් ඇතිවන බලපෑම ක්රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
















