මාතර, කුඩාවැල්ල ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු රැගත් ධීවර යාත්රාවක් අතුරුදන් වී තිබේ.
අතුරුදන් වූ යාත්රාව සහ එහි සිටින ධීවරයින් සොයා ශ්රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදා මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරයි.
යාත්රාව අතුරුදන් වීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
















