ශ්රී ලංකාව සහ තුර්කිය අතර සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දෙරට අතර ගුවන් සබඳතා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් පවතින ද්විපාර්ශ්වික ගුවන් ප්රවාහන ගිවිසුම සංශෝධනය කිරීමේ ප්රොටෝකෝලයකට දෙරට අත්සන් තබා තිබේ.
අදාළ ප්රොටෝකෝලයට ඔක්තෝබර් 27 වැනිදා තුර්කියේ අන්කාරා නුවරදී ශ්රී ලංකාවේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුණ් හේමචන්ද්ර මහතා සහ තුර්කියේ ප්රවාහන හා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය එන්වර් ඉස්කර්ට් මහතා අත්සන් තබා ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය සඳහන් කරන්නේ මෙම ගිවිසුම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ සහ ගුවන් සේවා ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් බවයි.
ගුවන් සබඳතා වැඩිදියුණු කිරීම තුළින් සංචාරක කර්මාන්තය, වෙළෙඳාම, ආයෝජන සහ දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කර ගැනීමට වැඩි අවස්ථා උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තුර්කිය ලබාදෙන සහයෝගය සහ කැපවීම පිළිබඳව ශ්රී ලංකා රජය සිය ප්රසාදය පළ කර තිබේ.
















