බෙලරුස් රාජ්යයේ ජාතික ගුවන් සේවය වන Belavia – Belarusian Airlines, 2026/27 ශීත ඍතු ගුවන් ගමන් වාරය ආරම්භ කරමින් ඔක්තෝබර් 27 වැනිදා මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත සිය පළමු ගුවන් ගමන ක්රියාත්මක කර තිබේ.
එම ගුවන් යානය මගීන් 269 දෙනෙකු රැගෙන මත්තල ගුවන්තොටුපළට පැමිණ ඇති අතර, මෙවර ශීත ඍතු සමය තුළ සතියකට එක් ගුවන් ගමනක් බැගින් ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ශ්රී ලංකාව සහ බෙලරුස් රාජ්යය අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම, බෙලරුස් රාජ්යයෙන් සහ නැගෙනහිර යුරෝපා කලාපයෙන් ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්යාව ඉහළ නැංවීමටද මෙම ගුවන් ගමන් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















