මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (28) පෙරවරු 11.30ට නිකුත් කළ එම නිවේදනය අද රාත්රී 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව, අදාළ දිස්ත්රික්කවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















