බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී සොයාගත් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
















