රුපියල් හය කෝටි දෙලක්ෂ හැට පන්දහසක් වටිනා මත්ද්රව්ය තොගයක් ගුවන් තැපැල් පාර්සල් මඟින් කොළඹ මධ්යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ.
තායිලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල ව්යාජ ලිපිනයන් වෙත මෙම පාර්සල් එවා තිබූ බව සඳහන් වේ. පාර්සල් 09ක් තුළ කුෂ්, හෂීෂ්, කොකේන් සහ එක්ස්ටැසි යන මත්ද්රව්ය අසුරා තිබී ඇත.
අදාළ පාර්සල් භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ලිපිනයන් පරීක්ෂා කිරීමේදී ඒවා ව්යාජ ලිපිනයන් බවට අනාවරණය වී තිබේ. ඒ අනුව, ඔක්තෝබර් 28 වැනිදා දහවල් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට පාර්සල් විවෘත කර ඇත.
රේගු භාරයට ගත් මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.














