පොතුවිල්, ඌරනිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් හිමිකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉඩම වටා විදුලි සැර වැදිය හැකි ආකාරයෙන් කම්බි ඇද තිබීම සම්බන්ධයෙන් සැකපිට ලාහුගල ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඉඩම වටා ඇද තිබූ කම්බි ද සමඟ සැකකරු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු නොවැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. අදාළ නඩුව නැවත එදින කැඳවීමට නියමිතය.














