• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ජාතික සංහිඳියාව සහ සහජීවනය වැඩපිළිවෙල සාර්ථකයි

31 July 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස්විය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ එම සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ ලබාදිය යුතු බවයි.

උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවිමට සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය පසුගිය වසර තුන හමාර තුළ පුළුල් වැඩකොටසක් ඉටුකළ ද ඒ පිළිබඳ ජනතාවට ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබී නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම එම පළාත්වල ජනතාව අතර ජාතික සංහිඳියාව සහ සහජීවනය ගොඩනැංවීමට රජය ගෙන ගිය වැඩපිළිවෙළේ සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

වසර 26 ක යුද්ධයෙන් උතුරු නැගෙනහිර පළාත්වල අඩාල වූ සංවර්ධනය සහ පසුබෑමට ලක්වූ ජන ජීවිත යළි ගොඩනංවමින් දිවයිනේ අනෙක් පළාත්වල පවතින සංවර්ධනය එම පළාත් දෙක සඳහා ද ලබාදීමට රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

2018 ජූනි 05 වන දින විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකාය පත් කරන අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයායි.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක් ලෙස අගමැතිවරයා ද කටයුතු කරයි. තවත් කැබිනට් අමාත්‍යවරු 15 දෙනෙක් , පළාතේ දෙකේ ආණ්ඩුකාරවරු හා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු දෙදෙනා, අමාත්‍යාංශ කිහිපයක් ලේකම්වරු සහ ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින්ගෙන් එම කාර්ය සාධක බලකාය සමන්විතය.

මෙම කාර්ය සාධක බලකාය විසින් උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සොයා බලන අතර, තවදුරටත් ක්‍රියාත්මක කළයුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදුකරයි. ප‍්‍රමුඛ අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් එම ක්ෂේත‍්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.
මේ යටතේ උතුරු නැගෙනහිර පළාත් තුළ නව සංවර්ධන කටයුතු රැසක් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, ඉන් බොහොමයක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස 50,000 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ නිවාස 25,000ක ඉදිකිරීම් මෙම අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, තවත් නිවාස 10,000 ක ඉදිකිරීම් 2019 ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇත.

පළාත් දෙකෙහි මාර්ග කි.මි 1847ක් පමණ සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. යාපනය, මයිලිටි ධීවර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

එමෙන්ම පළාත් දෙකෙහි ග‍්‍රාමීය මාර්ග, පානීය ජලය, වාරිමාර්ග, කෘෂිකාර්මික, ආර්ථික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු සියලු යටිතල පහසුකම්වල ද පුළුල් සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබේ.

ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක අතර අම්පාර සීනි කර්මාන්තශාලාව යළි ස්ථාපිත කිරීම, මඩකලපුව කඩදාසි කම්හල සහ මඩකලපුව සහල් කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදය වෙනුවෙන් ව්‍යාපෘති 20 කට වැඩි ප‍්‍රමාණයක් ක්‍රියාවට නැංවීමට නියමිතය.

කඩිනමින් ක්‍රියාත්මකවන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් එම පළාත් දෙකෙහි ජනතාවගේ ජන ජීවිත වඩා වේගයෙන් නව පරිවර්තනයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post Views: 2
Previous Post

ඉම්රාන් ඛාන් ලබන 11 දිවුරුම් දෙයි

Next Post

ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට

editor

editor

Next Post

ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved