• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මුද්‍රණ හා ඇසුරුම් අපනයනයෙන් හොඳ ආදායමක් – ඇමැති රිෂාඩ්

18 September 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා මුද්‍රණ නිමාව හා ඇසුරුම්කරණය ඉතා වැදගත් වන බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව (BMICH) හි පැවති “Lanka Pak 2018” මුද්‍රණ හා ඇසුරුම්කරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ  අවස්ථාවට සහභාගී වෙමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත මුද්‍රණ හා ඇසුරුම් අපනයන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බවයි. 

මෙම ප්‍රදර්ශනය සඳහා මුද්‍රණ හා ඇසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ප්‍රදර්ශන කුටි 150 කට වැඩි ප්‍රමාණයක් පවත්වනු ලැබීය. ආසියාවේ ඇසුරුම්කරණ සම්මේලනයේ සහාය ඇතිව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ” අනෙකුත් ව්‍යාපාර ක්‍ෂේත්‍ර මෙන්ම මෙම ඇසුරුම්කරණ හා මුද්‍රණ කර්මාන්ත ක්‍ෂේත්‍රය ද මේ වන විට මුළු ලෝකයේම තර්ජනයට ලක් වෙලා තියෙනවා. මීට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ, පිට ඇසුරුම් හා ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි මට්ටමේ ඇසුරුම් නිසා, ලෝකයේ බොහෝ රටවල් මෙන්ම අප වැනි රටවල් ද විශාල අභියෝගයන්ට මුහුණ දී ලා තියෙනවා. එම නිසා අපි මේ වන විට නැවත නැවතත් භාවිතයට ගත හැකි, එසේම වෙනත් අවශ්‍යතා සඳහා ද නැවත භාවිතා කළ හැකි නවෝත්පාදන ඇසුරුම්කරණ විසඳුම් සොයමින් සිටිනවා. මේ නිසා පාරිභෝගික පසු ඇසුරුම්කරණය දේශීය හා විදේශීය වශයෙන් සුවිශාල වූ අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. එම අභියෝග ජය ගෙන එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක ජයග්‍රහණය කරන්න පරිසර හිතකාමි ඇසුරුම්කරණය සඳහා අපි යොමු විය යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා අගමැතිතුමා අපිට සුවිශාල සහයෝගයක් ලබා දෙමින් පරිසර හිතකාමී ඇසුරුම් සඳහා දිරිය ශක්තිය ලබා දෙනවා. එම නිසා අපට ඇසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ සුවිශාල ජයග්‍රහණ රැසක්ම හිමි කර ගැනීමට හේතු වෙනවා.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ඉන්දියා නියෝජ්‍ය මහ කොමසාරිස් ශිල්පා එන්. ඇම්බුලේ, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ සභාපති අනුරාධ ජයසිංහ, ආසියානු ඇසුරුම්කරණ ස්මමේලනයේ සභාපති රොහාන් වික්‍රමසිංහ, ඇසුරුම්කරණ සංවර්ධන ක්‍ෂේත්‍රයේ සභාපිත ජේ.ඩී.සී. පෙරේරා මහත්වරුද මෙහිදී අදහස් දැක්වීය.

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලින්ම ගෙදර එයි

Next Post

මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් 

editor

editor

Next Post

මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved