පසුගියදා රුපියල් පහකින් ඉහල දමන ලද පාන් ගෙඩියක මිල ,විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවැති සුබවාදී සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දින කිහිපය තුලදී පෙර පැවැති මිල දක්වා රුපියල් පහකින් පහත හෙලීමට තම සංගමය තීරණය කල බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මේ බව පැවසුවේ බේකරි හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා අමාත්‍යාංශ නිළධාරීන් සමග අමාත්‍යංශයේදී සිදුකල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා, “ අද (19) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා අපේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුනා.එහිදී එතුමා අපිට ඉහල දැමූ පාන්පිටි මිල එම සමාගම් සමග සාකච්ඡා කරලා නැවත පෙර පැවැති මිලටම අරන්දෙන්නම් කියලා කිවුවා.එතුමා ඒ සමගම අපෙන් ඉල්ලාසිටියා පසුගියදා රුපියල් පහකින් ඉහල දැමුනු පාන් ගෙඩියක මිල නැවත අඩුකරන්න කියලා.අපි ඇමතිවරයට පොරොන්දුවුනා පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩුකරනවා කියලා.අපි බේකරි කර්මාන්තයේදී මුහුන දෙන ගැටලු සම්බන්ධයෙන්ද එතුමා අපි සමග ඉතා සුහදශීලිව කතාබහකලා අපි මුහුනදෙන ගැටලු සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමුවුනා.
අමාත්‍යවරයා අපිට හෙට පිටිමිල රුපියල් පහකින් අඩුකරල දුන්නොත් අපි කැමතියි අනිද්දා ඉඳලා පාන්ගෙඩියක මිලත් රුපියල් පහකින් අඩුකරන්න.අපි විශ්වාස කරනව අමාත්‍යවරයා අපිට වුනු පොරොන්දුව ඉටුකරයි කියලා.