27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකාවට යළිත් විශිෂ්ඨ ජයක් – එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදයි

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අද පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව අද පැවති තරගයේදී වට 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම දැළ අසලම රැදෙමින් සිය අනසක පැතිරවීමට සමත් විය. පළපුරුදු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාවට පැමිණීමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 25 – 20, 25-17 සහ 25-15 වශයෙන් ලකුණු ලබාගත් අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරඟය සදහා ඉරාක කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *