• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව දිහා අලුත් විදිහට බලන්න – ජනපති

26 September 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමිනි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (26) අලුයම ජනාධිපතිවරයා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුළුල් වගකීමක් ඉටුකළ සහ ඉටුකරමින් සිටින රටක් ලෙස මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍යයන්වල සහයෝගය ශ‍්‍රී ලංකාව තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ඉකුත් වසර තුන හමාරක කාලය තුළ පශ්චාත් යුද සමයක ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීමට කැපවූ ශී‍්‍ර ලංකා රජය ජාතික සමගිය, සංහිඳියාව සහ රට තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් පුළුල් වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අපගේ ආරක්ෂක හමුදාවන් විසින් පරාජය කරනු ලැබුවේ ලොව ප‍්‍රබල ත‍්‍රස්ත සංවිධානයක් වන අතර අද ශ‍්‍රී ලංකාව නොබෙදුන රටක් බවට පත්ව ඇත්තේ විරෝදාර රණවිරුවන් ඉටුකළ එම යුග මෙහෙවර නිසා බව කියා සිටි ජනාධිපතිවරයා රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් ආරක්ෂක හමුදාව සිදු කළ එම කැපවීම සැමදා ගෞරවයෙන් සිහිපත් කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රටක ස්වාධීනත්වය ඉතා වැදගත් බවයි. එබැවින් එම ස්වාධීනත්වය ආරක්ෂා කරමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන් ඇත්තේ වෙනත් අයට නොව ශ‍්‍රී ලාංකීය ජනතාවට බවත් එබැවින් රටේ ප‍්‍රශ්න විසඳා ගැනීමට රටට ඉඩදෙන්නැයි ද සියලුදෙනාගෙන් තමා ඉල්ලන බවත් ප‍්‍රකාශ කළේය.

එමෙන්ම මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳාගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් බව සඳහන් කළ ජනාධිපතිවරයා කිසිදු විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව ද කියා සිටියේය. මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවයි.

ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රවණතාවයන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සරණාගතයින් පිළිබඳ ගැටලුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල් විසින් ඉටුකරන මෙහෙවර මීට වඩා පුළුල් සහ ශක්තිමත් විය යුතු බව ද කියා සිටියේය. ශ‍්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා විශේෂයෙන් පලස්තීන ජනතාවගේ විමුක්ති සටනට ශ‍්‍රී ලංකා රජය සැමදා සහයෝගය ලබාදුන් බවත්, පලස්තීන ජනතාවට සිදුවන්නා වූ විවිධ අමානුෂික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එහි සියලු සාමාජික රටවලුත් පුළුල් වැඩකොටසක් ඉටුකළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

මෙහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ වැඩිදුරටත් අවධාරණය කළේ දුගීභාවය පිළිබඳ ප‍්‍රශ්නයේදී ද ලෝක ප‍්‍රජාව වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය මීට වඩා පුළුල් වැඩ කොටසක් ඉටුකළයුතු බවයි.

කාලගුණික දේශගුණික විපර්යාස දුගී භාවය ඉහළ යාමට එක් ප‍්‍රබල හේතුවක් වී ඇති අතර කාලගුණික දේශගුණික විපර්යාසවලට වැඩි වශයෙන් මුහුණ දෙන රටවල ජන ජීවිත යථාවත් කිරීම සඳහා උපකාර කිරීමේ වැදගත්කම ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අවධාරණය කළ ජනාධිපතිවරයා අද මානව සමාජයට ප‍්‍රබල තර්ජනයක් වී ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සමගාමී සැසියේ දී ඇතිකරගත් නව එකඟතාවයන් පිළිබඳව ද සිය සතුට පළ කළේය.

පරිසරය සුරැකීම වෙනුවෙන් පැරිස් සමුළුවේදී ඇතිකරගත් එකඟතාවයන් ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් කැපවීමේ වැදගත්කම ද අවධාරණය කළ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව ඒ පිළිබඳ ඉහළම ප‍්‍රමුඛතාවයක් ලබාදෙමින් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය “එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ” සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම’ තේමාව යටතේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා ඇතුළු ලෝක රාජ්‍ය නායකයෝ ඊට එක්වූහ.

Post Views: 1
Previous Post

රුපියල අවප්‍රමාණය වුණේ චීනය හා ඇමෙරිකාව අතර ඇති වෙළෙඳ යුද්ධය නිසයි ! ඇමැති මහින්ද කියයි

Next Post

ඇමෙරිකා ජනාධිපති ඉරානය ගැන දැඩිව විවේචනය කරයි

editor

editor

Next Post

ඇමෙරිකා ජනාධිපති ඉරානය ගැන දැඩිව විවේචනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved