27 July 2024
#විදෙස්

ඇමෙරිකා ජනාධිපති ඉරානය ගැන දැඩිව විවේචනය කරයි

ඉරානය විසින් ජනතාවට හානි සිදු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඉරානයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කර තිබේ.

මැදපෙරදිග රටවල් තුළ ව්‍යාකූල තත්ත්වයක් සහ විනාශයක් සිදුකිරීමට ඉරානය කටයුතු කරමින් සිටින බවටයි ඔහු එහිදී චෝදනා කළේ. ඇමෙරිකාවෙන් ආධාර ලබාගන්නා රටවල්වලට තමන් ඉතා කැමැත්තෙන්ම සහයෝගය ලබාදෙන බවද ඇමෙරිකා ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිවාරයේදී කියාසිටියා. ඇමෙරිකාවට ගරුකරන සහ ඇමෙරිකාවේ මිතුරු රාජ්‍යයන්ට පමණක් අදාල විදේශාධාර ලබාදීමට පියවර ගන්නා බවද ඔහු එහිදී ප්‍රකාශකර සිටියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *