• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වංචනික ලිපිවලට රැවටෙන්න එපා – අමාත්‍ය මණ්ඩලය කියයි

13 October 2018
in දේශීය

විදෙස් රටවලින් ලැබීමට නියමිත බව හැඟවෙන පාර්සල් සහ නැව් බඩු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීරු බදු සහන අනුමත කර ඇති බවත්, ඒ සම්බන්ධව කටයුතු කිරීමට තමන් මැදිහත්විය හැකි බවත් හුවා දක්වමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාකාරී ලෙස යොදා සකස් කරන ලද ව්‍යාජ ලිපි ඉදිරිපත් කරමින් වංචාකාරී පුද්ගලයෙකු හෝ වංචාකාරී සංවිධානයක් විසින් යම් යම් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගන්නා බවට අමාත්‍ය මණ්ඩල කාර්යාලයට තොරතුරු ලැබී ඇති බව අමාත්‍ය මණ්ඩලයේ ලේකම් සුමිත් අබේසිංහ මහතා පවසයි.

කිසිදු පුද්ගලයෙකු වෙත විදෙස් රටවලින් ලැබෙන පාර්සල් හෝ නැව් බඩු සඳහා රේගු ආනයන බදු සහනයක් හෝ වෙනත් කිසිදු බදු සහනයක් ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකරන බව අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කරයි.

එබඳු ව්‍යාජ ලිපිවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වංචාකාරී පුද්ගලයිනට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් ලැබෙන කිසියම් ලිපියක නිර්ව්‍යාජභාවය අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙන ලිපියක් මගින්, 0112329620 හෝ 0112325279 යන දුරකථන අංක ඔස්සේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහා කරුණු විමසීමෙන් තහවුරු කර ගත හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

Post Views: 22
Previous Post

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

Next Post

නිෂ්පාදනය ඉහළ නංවන්න නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනපති අතින් වීවෘත කරයි

editor

editor

Next Post

නිෂ්පාදනය ඉහළ නංවන්න නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනපති අතින් වීවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved