• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ කුමන්ත්‍රණය පරද්දන්න ජවිපෙට පුළුවන් – අනුර කියයි

11 November 2018
in දේශීය

අපේ රටේ ආණ්ඩු මාරු වුණේ මහ මැතිවරණයකින් හෝ පාර්ලිමේන්තුවේ බහුතරය අනුව නමුත් 26වෙනි සිකුරාදා ආණ්ඩු මාරුව සිදු වුණේ මැතිවරණයකින් හරි මේ කියපු ආකාරයේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස්වීමකින් හෝ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් දිසානායක මහතා කියා සිටියේ “මෛත්‍රිපාලත් මහින්ද රාජපක්ෂත් මේසෙ දෙපැත්තේ හිටගෙන ”උඹ අගමැති, මං ජනාධිපති” කියලා දියත් කළ දේශපාලන කුමන්ත‍්‍රණයක් මේ. කුමන්ත‍්‍රණය දියත් වුණ දිනයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ ඉතා නිශ්චිත අදහසක් රටට ඉදිරිපත් කළා කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩු වෙනස් කිරිම පරාජයට පත්කරන්න ජවිපෙ සූදානම් කියා. ගෙවුණු සතිය තුළ මෛතී‍්‍රපාල සිරිසේන මහත්මයා වට දහයකින් ඇමතිවරු පත්කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ලිපිය එක පැත්තක තබාගෙන අනික් පැත්තේ නිවාස ඇමතිකම දෙන ලිපියට අත්සන ගහනවා. ඒ වගේම 19වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පවරාගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශයත්, මහවැලි අමාත්‍යාංශයත්, පරිසර අමාත්‍යාශංයත් පමණයි. රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට අයිති වෙනවාද? ආරක්ෂක අමාත්‍යාංශයයි ජනමාධ්‍ය අමාත්‍යාංශයයි අතර තිබෙන සම්බන්ධය මොකක්ද? ව්‍යවස්ථාවට විරුද්ධව විදුලි සංදේශ නියාමන කොමිෂම තියාගෙන හිටියා. ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර කටයුතු කරන ජනාධිපතිවරයෙක්. එහි අවසන් ප‍්‍රතිඵලය තමයි වට දහයකින් ඇමතිවරු පත්කිරීම. එහෙම කළේ බලහත්කාරී ලෙස හදපු ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ බලතල, රජයේ සම්පත්, සේවකයින්, රාජ්‍ය මාධ්‍යය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නයි. මේ මැතිවරණයේදී තමන්ගේ බලය උපරිම ලෙස යොදා ගන්නා බවයි මෙයින් පේන්න තියෙන්නේ. මෛතී‍්‍රපාල සිරිසේනත් ඔහු වටා ගොනුකර ගත් සහචර කණ්ඩායමත් ගෙවුණු දින කිහිපය තුළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධිව, ව්‍යාවස්ථා විරෝධීව හනුමා වගේ හැමතැනටම ගිනි තියමින් යනවා. ඒ තමන්ගේ තනි පුද්ගල බලලෝභී පැවැත්ම වෙනුවෙන්.

පුද්ගලයෙක්ගේ තනි පැවැත්ම වෙනුවෙන් ව්‍යවස්ථා, නීති රීති කුඩුපට්ටම් කරමින් යන තත්ත්වයකට ඉඩ දිය යුතුද? මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පිටතත් පාර්ලිමේන්තුව තුළත්, හැකි සියලූම අවස්ථා යොදා ගනිමින් පරාජයට පත් කරන්න සූදානම්. තමන්ට නැති අනීතික බලයක් උපයෝගී කරගෙන මුළු රටත් සමස්ත සමාජයත් ඩෝසර් කරමින් යන මේ ගමන වැළැක්වීම සඳහා එකතු විය යුතුයි කියන ආරාධනය අපි මේ රටේ ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් ප‍්‍රගතිශීලී සියලූ දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

මෛත්‍රිට එරෙහිව රිෂාඩ් නඩු මඟට

Next Post

මෛත්‍රි ඉවත් කරපු අය පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්

editor

editor

Next Post

මෛත්‍රි ඉවත් කරපු අය පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved