පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය හිමි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇති බව වාර්තා වේ. රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කර සිටියේ මේ වන විට ජනාධිපතිවරයා වෙත බහුතරයක් ඇති බවත් මන්ත්‍රීවරුන් තමා කතා කරනවා ඕනෑම අවස්ථාවකදී සහාය දැක්විමට පැමිණෙන බව ජනපතිවරයා පවසා ඇති බව දැන ගන්න ඇත.
එසේම ඉදිරියට තිබු පය ආපස්ස ගැනීමක් සිදු නොවන බවත් රනිල්ව යලි අගමැති කිරිමට අවස්ථාවක් නොමැති බව ජනාධිපතිවරයා ඔහුගේ සමීපතයින් වෙත පවසා ඇති බව වාර්තා වේ.
මේ වන විට මහින්ද රාජපක්ෂ අගමැති කිරීමෙන් තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මෙන්ම ආගමික නායකයින්ගෙන්ද පොදු ජනතාවගේ ලැබී ඇති ප්‍රශංසා අනුව තමා ගෙන ඇත්තේ කාලයට උචිත තීරණයක් බව ජනපතිවරයා සෙසු පිරිස් වෙත අනාවරණ කර ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සුදානම් බවත් නොබියව කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට ඇමැතිවරුන්ට ජනාධිපතිවරයා දන්වා ඇති බව ඔහුගේ සමිපත ආරංචි වැඩිදුරටත් කියා සිටියේය.