27 April 2024
#දේශීය

රනිල් මෛත්‍රිට යටත් නොවෙයි…! එජාප නායකත්වය වෙනස් නොකරයි..!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ භාරයේ තබා ගැනීමට අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේ මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එජාප නායකත්වය භාර ගැනීමට කිසිවෙකු සුදානම් නොමැති බවයි.

නායකත්වය භාර ගන්නා ලෙස රනිල් විසින් සජිත්, මංගල, රුවන්, කරු වැනි අයට පවසා සිටියද ඔවුන් කියා ඇත්තේ මේ අවස්ථාවෙදී එය භාර ගැනිමට හැකියාවක් නොමැති බවයි.

කිසිවෙකු එජාප නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් නොවිම හේතුවෙන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එජාප නායකත්වය වෙනස් කළ යුතු යෝජනාව පවා මේ වන විට ප්‍රශ්ණයක් වී ඇති බවයි එජාප අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත පැවසුවේ. එසේම මෛත්‍රිට අවශ්‍ය වන ආකාරයට එජාපය විනාශ කිරීමට අවස්ථාව නොදිය යුතු යැයි රනිල්ගේ සමීපතයින් පවසා ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව ඊට අනුව රනිල් වික්‍රමසිංහයන් තීරණය කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී එයට තමා නායකත්වය ගෙන මුහුණ දීමට කටයුතු කරන බවයි. ජනපතිවරයා විසින් කළ යෝජනාවට අනුව යම් අයෙකු එජාප නායකත්වයට පත් වුවහොත් ඉදිරියේදී පක්ෂයේ පිරිස් විසිරවීමක් සිදුවනු ඇතිබවත් එයට ඉඩ නොදීමට කටයුතු කළ යුතු බව රනිල් සමිපතයින් පවසා ඇත.

එසේම මේ වන විට ජනතාව අතර සජිත්ව නායකත්වයට හෝ අගමැති ධුරයට ඉදිරිපත් කිරීමට ඉඩ නොදිය යුතු බවට තීරණය ගෙන ඇති බවත් ඒ සඳහා පුද්ගලයින් 25 දෙනෙකු දිස්ත්‍රික්ක 25 ට යොදවා ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී සජිත්ගේ ප්‍රතිරූපය නායකත්වයට සුදුසු නොවන බවත් ඔහුට රට පාලනය කළ නොහැකි බව යන කැම්පෙන් එක ක්‍රියාත්මක කර ඇති බව සජිත් පාර්ශවයෙන් අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *