තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් නවවන වතාවට සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, දෙසැම්බර් මස 14 , 15 සහ 16 යන දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා, කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්රයේදී පැවැත්වීමට නියමිතයි.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සඳහා මුද්දර අලෙවිකරුවන් 25 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිත බවයි. විනෝදාංශ හා බැඳුනු දුර්ලභ දෙස් විදෙස් මුද්දර, කාසි, නෝට්ටු ආදී අයිතම මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව උදාවන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2015 වසරේ නිකුත් කරන ලද මුද්දර මිලදී ගැනීමට ඇති අවසාන මුද්දර දැක්ම ද මෙය බවත් ජාතික තැපැල් කෞතුකාගාරය හා මුද්දර ප්රදර්ශනාගාරය මෙම දිනවලදී විවෘතව පවතින අතර එය නැරඹීමේ අවස්ථාවද මහජනතාවට උදා කර දීම සිදු කරනු ලැබේ.
තවද පාසල් නිවාඩු සමයේ පැවැත්වෙන මෙම මුද්දර දැක්මට පැමිණ පහසු මිළට මුද්දර මිළදී ගැනීමේ අවස්ථාව උදාකරගන්නා ලෙසට මුද්දර කාර්යාංශය පාසල් ලමුන්ට විශේෂයෙන් ආරාධනාකර සිටියි.