27 April 2024
#දේශීය

නව අගමැති පස්වරුවේ දීවුරුම් දෙයි … ඇමැති මණ්ඩලයට සදුදා …!

වසර 4 හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාවක් නොමැති බව ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව මේ වන විට අගමැති ධුරය නැවත රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට යම් එකඟතාවයක් පල කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් පවසා ඇත්තේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එකඟවිය යුතු බවයි. එසේම පාර්ලිමේන්තුවේ බහුතර ඇති පුද්ගලයා වශයෙන් රනිල් වික්‍රමසිංහ හට අගමැති ධුරය නැවත ලබා දෙන ලෙස පවසා තිබේ.

කෙසේ කෙසේ වෙතත් ඉහළ ආරංචි මාර්ග සඳහන් කරනු ලැබුවේ අගමැතිවරයා වශයෙන් පත කළ මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම අද දින පස්වරුවේ ලබා දීමට කටයුතු කරන බවයි. පසුව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ සිය ධුරය සඳහා දිවුරුම් දීම් සිදු කරනු ඇති බවයි.

එසේම අගමැතිවරයා වශයෙන් පත්වන රනිල් වික්‍රමසිංහ විසින් පවසා ඇත්තේ නව ආණ්ඩුව සඳහා කැබිනට් මණ්ඩලයට සඳහා 30 දෙනෙකු පමණක් පත් කරන බවයි.
එය ඇතැම් විට එක්සත් ජාතික පෙරමුණ පමණක් නියෝජනය කරනු ලබන ආණ්ඩුවක් වශයෙන් පත්වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය. ඒ අනුව මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍ය ධුරයද, පාඨලි චම්පික ට මෙගා පොලිස් අමාත්‍යංශය ලබා දීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගිය කාල සිමාව තුළ සජිත් ප්‍රේමදාසගේ හැසිරීම අනුව නායකත්වයට යම් බලපෑමක් එල්ල වී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී තනතුරු ලබා දීම තුළදී ඒ පිලිබඳ දැඩි අවදායක් යොමුව ඇති බව රනිල් වික්‍රමසිංහගේ සමීපතමයා අප වෙත කියා සිටියේය.

මේ අතරම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සිටින මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිසක් අමාත්‍ය ධුරයක් ලබා දෙන්න ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. අප TTVnews.lk වෙබ් අඩවිය විසින් මහින්ද සමරසිංහ මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළේය. එ් මහතා අප වෙත කියා සිටියේ තමන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි. තව ද ජනාධිපතිවරයා විසින් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් කිසිවක් කීමට හැකියාවක් නොමැති බවයි. තව ද අද පස්වරුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් කතා නොකල බව හෙතෙම අප වෙත පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *