ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ පැසසුමට ලක් වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ උදර්පණ නීතිය නියාමනයන් සඳහා වූ යෝජනා පිළිබඳව විවාදය පැවැත්වෙන අතරතුරේදීය.
විවාදය වෙනුවෙන් විපක්ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් වන මොහොතේ ආණ්ඩුව නියෝජනය කරමින් සභා ගර්භය තුල රැඳී සිටියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පමණි. ඒ වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා සිය අදහස් දැක්වීම් අතරතුරේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට සිය ගෞරවය හා ස්තූතිය පුද කලේ ආණ්ඩුව නියෝජනය කරමින් තනිවම හෝ සභාවේ රැඳී සිටිමින් විපක්ෂයේ අදහස් වලට සවන් දීම වෙනුවෙනි.
කාංචන විජේසේකර මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ වැදගත් යෝජනාවක් විවාද වන මොහොතක ආණ්ඩුවේ වගකීමක් ගත හැකි එක් අමාත්‍යවරයෙක් පමණක් සභාවේ රැඳී සිටීම පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළා.