2019 වසර සඳහා වන අයවැය යෝජනාව හෙට (05) පස්වරු 02 ට මුදල් මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ අනුව 2019 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ථ රාජ්ය වියදම රුපියල් බිලියන 4470ක්. අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක් බවයි මුදල් අමාත්යංශය පෙන්වා දෙන්නේ.
2014 වසරේදි දළ දේශිය නිෂ්පාදිතයෙන් 11.5%ක් ලෙස පැවති රාජ්ය ආදායම මේ වනවිට ක්රමයෙන් වැඩි වී තිබේ. එය මේ වසරේ 15%ක මට්ටමකට ළඟාවනු ඇත. වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ණය සේවාකරණය වෙනුවෙන්. එය රුපියල් බිලියන 2200ක්.
ඉතිහාසයේ රජයක් වසරකදී ණය ගෙවීම සඳහා වැයකරන විශාලතම මුදල ද මෙයවේ.